Ads 468x60px

Thursday, 14 January 2016

ඔහු දුලාන් බෝගහවත්ත නම් විය.

practical  අවස්ථාවක හොරෙන් ගත් ඡායාරූපයක්
මට ඒ දිනය අද වගේ මතකය, ඒ මට මුලින්ම ඒ කටහඬ ඇසුන දිනයයි, ඒ දුරකථනයෙනි එදා එම ඇමතුම අවසානයේ ඔහු මට පැවසුවේ “බය වෙන්න එපා පුතා ඔයාලව අනිවාර්යයයෙන් ගොඩ දානව“ කියාය. ඒ වචන වල සැකයක් නැත ඔහු එය පවසන්නනේ විශ්වාසයෙන් බව මගේ සිතට දැනුනි.

වෘතියෙන් ඉංජිනේරුවරයෙකු වන ඔහු එදා පටන් පුරා වසර දෙකක් ඔහු මගේ ඉංජිනේරු තාක්ෂණවේදය ගුරුවරයා විය.

ළමයි අපි පටන් ගමුද කියා පංතියට එන ඔහු ඉංජිනේරු තාක්ෂණය වැනි රළු විෂයයක් ඉතා සුමුදුව පැහැදිලිව දෙසවන තුලින් මොළයටම යවයි, 

අපි පංතිය පටන් ගත්තේ ළමයි 6 දෙනෙක් ගෙනි, මමද එහි ආරම්භක සාමාජිකයෙකි, 

සර් පංතියට ආවාම ළමයි කවුරුත් කෑ ගහන්නේ නෑ. අපිට සර් කියල දෙන්නේ පේපර් එකට උත්තර ලියන හැටි විතරක් නෙමෙයි ජීවිතයට මුහුණ දෙන හැටි. 
සර් හැමදාම කියන්නේ ළමයි ජීවිතයට වගේම කැම්පස් එකට කෙටි පාරවල් නෑ, ඔයාල කොහොම හරි විභාගෙන් හොඳ ප්‍රතිඵල අරගෙන අම්මල තාත්තලගෙ හීන හැබෑ කරන්න, ඔයාලගෙ ජීවිත සාර්ථක කරගන්න මට ඒ ඇති.

ඒ වෙනකොට රත්නපුරේ හරි Engineering පංතියක් තිබුනේ නෑ ඒත් සර් කවදාවත් ටවුන් එකේ පෝස්ටරයක් ගැහුවේ නෑ, මම දවසක් මගේ තිබුන පණ්ඩිත කමටත් එක්ක සර්ට ගිහින් කිවුවා සර් ඇයි සර් පංතිය මාකට් කරන්නේ නැත්තේ පෝස්ටරයක් හරි කටවුට් එකක් හරි ගැහුවනම් මීට වඩා ළමයි පංතියට එයි කියල. සර් හිනාවෙලා කිව්වේ පුතේ මට මීට වඩා ළමයි ඕනි නෑ කවුරු හරි ළමයෙක් මම ගැන හොයා ගෙන සැබෑ උවමනාවෙන් පංතියට ආවොත් මිසක මට පෝස්ටර් ගහල පංතියට ළමයි ගෙන්න ගන්න ඕනි නෑ මම කවද හරි පෝස්ටරයක් ගහන්නේ ඔයාලගෙ රිසල්ට් ලෝකෙට කියන්න කියල,

සර් ගෙ ඒ තිබුන මනුස්සකමටද කොහොද දවසෙන් දවස ළමයි වැඩි වෙලා රත්නපුරේ ළමයි වැඩිපුරම ඉන්න Engineering පංතිය අපේ පංතිය උනා.

දැන් පංතියේ ළමයි වැඩියි. ඒත් සර් කවදාවත් ඒ නිසා කිසිම ළමයෙක්ට අඩු පාඩුවක් වෙන්න දුන්නේ නෑ, ස්ටේජ් එකෙන් බැහැල පංතියේ හැම ඩෙස්ක් එකක් ගානෙම යනවා, තේරුණේ නැති එක ළමෙක් වත් පංතියේ නැති වෙනකන් පේළියෙන් පේළියට ගිහින් කියල දෙනවා, ඒ ළමයගෙම පොත අරන් ඒකෙම කියල දෙනවා, ඒ විදිහට සර් මගේ පොත පුරාම ඇඳපු සටහන් තියෙනවා, 

හැම ළමයටම වගේ අමාරු කොටස උනේ ප්‍රායෝගික පරීක්ෂණය, මොකද Civil, Electronic, Automobile වගේ ක්ෂේත්‍ර වල practical ලේසි නෑ අනික අපිට විභාගෙට ලකුණු 15 හම්බ වෙනවා practical වලින් ඉතිං ළමයි මහ ගොඩක් ඉන්න පංතියක practical කරන්න විදිහක් නෑ කියලයි අපිත් හිතුවේ,

ඒත් දවසක් සර් පංතියට ආවේ තඩි පෙට්ටියක් උස්සගෙන, ඒ පිටිපස්සෙන් ආයතනයේ අයියල තව පෙට්ටි පෝලිමක් අරගෙන ආවා, 

සර් කිව්වා ළමයි අද practical එකක් කියල, ළමයි ඔක්කොම හිනා උනා ඇයි යකෝ මේ ළමයින් ගොඩකට කොහොමද practical කරන්නේ, 

නෑ සර් මුළු පංතියටම multi meter වගේම  Electronic practical  එක කරන්න බඩු ගෙනත් තිබුනා. මගේ අනුමානයේ හැටියට ඒ බඩු ටිකට විතරක් ලක්ෂ 2ක් 3ක් යන්න ඇති. සර් කිව්වේ ළමයි මේ මහන්සියෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල, අපි අන්තිමට පංතියෙදි  rc plane හදල උඩ යැව්වා.

සර්ට අපේ පංතියෙන් ආදායමක් තිබුනද කියලත් සැකයි, මොකද අපේ විෂය ධාරාව අළුත් නිසා අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුවෙන් අච්චු පොත් ගහල විකිණුවා, සර් කලේ ඒ මුළු පොත් සෙට් එකම පංතියෙ හැම ළමයටම නොමිළේ ගෙනත් දුන්නා.

අපේ හැම ළමයම ඒ පොත් සෙට් එක නිසා ලොකු දැනුමක් ගත්තා, හැමෝම පින් දුන්නේ සර්ට.

ඔහොම ඔහොම දන්නෙම නැතුව විභාගෙට චුට්ට චුට්ට ලන් උනා, සර් පංතියට ඇවිත් හැමදාම පේපර් කරන්න ගත්තා. සර් කිව්වා ළමයි මේව තමයි විභාගෙට එන්නේ මේ පේපර්ම කරල යන්න විභාගෙට කියල. කොහොම කොහොම හරි අගෝස්තු මාසෙටම ඇවිත් අපි උසස් පෙළ Engineering  පේපර් එක ලිව්වා. සර් කිව්ව එක ඇත්ත තමයි සර් කියපු ප්‍රශ්ණ හෙන ගොඩක් පේපර් එකේ, මම ගෙදර ආපු ගමන් කරපු මුල්ම වැඩේ සර් දීපු ප්‍රශ්ණයි පේපර් එකේ ආපු ප්‍රශ්ණයි දාල PDF එකක් හදල සර්ට mail කරපු එක.

ඒක බලන්න පුළුවන් මෙතනින්

ඉතින් ඊට පස්සේ විභාගෙ ලියල මම නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ සර් හම්බ වෙලා එන්න කියල සර් කිව්වා පුතා කැම්පස් එනකන් නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ, Course එකක් පටන් ගන්න මම scholarship එකක් දෙන්නම් කියල. ඉතින් ඊට පස්සේ සර් මටයි තව යාළුවෙකුටයි රත්නපුර පන්තියෙන් scholarship  එකක් දුන්නා  Civil Engineering කරන්න result එන්න කලින්ම. 

සර් අපි වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් කලා. 

ඔන්න ඉඳල ඉඳලා බය කරල පෙරුම් පුරල result ආවා. ඉතින් බයෙන් බයෙන් රිසල්ට් බැළුව B 3ක් තියෙනවා දිස්ත්‍රික්යේ 6 වෙනියා Island rank එක 120.

මුලින්ම කතා කලේ සර්ට ඉතිං සර්ටත් සතුටුයි. අම්මල තාත්තලටත් සතුටුයි. 

හවස් වෙලා සර්ට කතා කරල ඇහුවා සර් කොහොමද පංති වල රිසල්ට් කියල. ලංකාවෙන්ම Engineering paper එකට වැඩිම ලකුණු මගෙ පංතියෙන් තියෙනවා කියල සර් කිව්වා. ඒ අරගෙන තිබුනේ ඉෂාර බුද්ධික. 

ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කේ 1-2 
ගම්පහ සහ රත්නපුර මුල් ස්ථාන 20න් සෑහෙන්න පිරිසක් සර්ගෙ පංති ආපු අය. ඒ ගැන හදපු hand  bill එකක් හම්බුනා FB එකේ තිබිලා.

ඊට පස්සේ සර් දිස්ත්‍රික්කේ මුල් ස්ථාන වලට ආපු හැම ළමයටම කැම්පස් එනකන් තමන්ට කැමති course එකක් කරන්න සල්ලි වියදම් කරනවා දැන්.

අපේ පංති ආපු හැම ළමයම දැන් සර්ට පින් දෙනවා. 

මට මේ ලිපිය දාන්න හිතුනේ අළුතෙන් A/L කරන මල්ලිලා නංගිලා මගෙන් පංති ගැන විස්තර අහපු නිසා. දැන් මම ඒ හැමෝටම කියනවා Blog එක බලන්න කියල.

ඉස්සරහට A/L කරන මල්ලිලා නංගිලාට කියන්න තියෙන්නේ ඔයාලට දුලාන් සර්ගෙන් Engineering  ඉගෙන ගන්න බැරිනම් ඔයාලට ලංකාවේ කාගෙන්වත් Engineering ඉගෙන ගන්න බෑ. සර් ඒ තරම් සරලව පැහැදිලිව කියල දෙනවා. සර් ගෙ ටියුට් සෙට් එක උනත් පට්ට පැහැදිලියි.
අච්චු පොත් ටික නොමිලේ දෙනවා. (කඩෙන් ගත්ත නම් මාස 2 ක 3ක පංති fees නෙ) හොඳ රිසල්ට් ගත්තොත් campus යන්න කලින් course එකක් කරන්න ලැබෙනවා. තව මොනවද ඉතිං. :-)

හරි එහෙනම් 
සර්ට තවත් ළමයි ලක්ෂ ගණනක නෙතු පාදන්නට ශක්තිය ලැබේවා!

ජය වේවා!
තෙරුවන් සරණයි!



4 comments:

  1. Ko Ravindra sir genath dapan

    ReplyDelete
    Replies
    1. දානව මචං අනිවා දානවා. වෙලාව හොයාගන්න එක තමයි වැඩේ. ඒත් මට අමතක නෑ අනිවා දානවා

      Delete
  2. මචන් දිනුක.ඔය කියන E Techඅච්චුපොත් පාඩම් ඔක්කොටම තියනවද?මන් දන්න විදිහටනම් කොටස් 8යි තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් කොටස් 8යි වගේ තමයි මටත් මතක ඒත් වැඩි හරියක් කවර් වෙනවා ඒ ටිකෙන්

      Delete

 
Blogger Templates