වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් |
පොටෝ අල්ලන පොඩි එකෙක් |
හරි නිකන් ඉන්න ගමන් අද මට හිතුනා මේ දවස් වල ගොඩක් හිට් වෙලා තියෙන මාතෘකාවක් ගැන ලියන්න. මුලින්ම කියල ඉන්න ඕනි මම ඡායාරූපශිල්පය ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මම මෙතන ලියන්නේ ඒ ගැන මගේ අදහස.
හරි ඡායාරූපශිල්පියෙක් කියන්නේ කවුද?
අද කාලෙ හැටියට නම් DSLR කැමරාවක් කරේ එල්ලගෙන ඉන්න පොටෝ එකක් තමන්ගේ facebook profile picture එකට දාගෙන ඉන්න හැම කෙනෙක්ම ඡායාරූපශිල්පියෙක්. කියල තමයි එයාල හිතාගෙන ඉන්නේ.
නමුත් ඒක වැරදියි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ photographer හොඳ වෙන්නේ කැමරාව හොඳ වෙන තරමට කියල. නෑ ඒක වැරදියි. ඡායාරූපශිල්පියෙකුට ඒ ගැන හොඳ දැනුමක් වගේම කලාත්මක ඇසක් තියෙන්න ඕනි. ඒකට කැමරාය වැදගත් නෑ. හොඳ ඡායාරූප ශිල්පියෙකුට ලක්ෂයක් දෙකක් වටින DSLR කැමරාවකින් වගේම රු 10000/= ක් වටින පොඩි කැමරාවකිනුත් කලාත්මක ජායාරූපයක් ගන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ එයාලගෙ අත්දැකීම් සහ පලපුරුද්ද.
අනිත් දේ තමයි කවදාවත් දෙයක් හරියට කරන ඒ ගැන දන්න උගතෙක් මං තමයි දක්ෂයා. මට පුළුවන්. මං තමයි පොර කියල තමන් ගැන කියව කියව යන්නේ නෑ. (photography විතරක් නෙමෙයි හැම දේකදිම) මොකද අද බහුතරයක් ඉන්නේ අනුන්ගෙ හරි නැත්නම් rent එකට ගත්ත හරි කැමරාවක් එල්ලගෙන තමන් හෙන photographer කෙනෙක් කියල හිතාගෙන, ඉන්න අය. එයාල නිසා මේ කලාව ගැන දන්න. photography වෘතියක් විදිහට කරන අයටත් එයාලගෙ තත්වය නැති වෙලා තියෙනවා.
විනෝදාංශයක් විදිහට photography කරන්න ඕනි කෙනෙකුට පුළුවන්. උදාහරණයක් විදිහට මම ඉඳල හිටල උත්සහ කරනවා හිතට වැදෙන photo එකක් ගන්න. එහෙම විනෝදාංශයක් විදිහට photography කරන අයට විවිධ තරඟ පවා තියෙනවා. උදාහරණයක් විදිහට facebook එකේ තියෙනවා ජංගම දුරකතන වලින් ජායාරූපකරණයේ යෙදෙන අයගේ එකමුතුවක් Mobile Photography '''' වැඩකාරයෝ ''''' කියල. ඒක හරියට ජංගම දුරකතන වලින් ඡාරාරූප ගැනීම විනෝදාංශයක් කර ගත්ත අයගේඑකමුතුවක්.
ඒ වගේ මේ කලාව විනෝදාංශයක් කර ගැනීම වරදක් නෙමෙයි. ඒ වගේ විනෝදාංශයක් කර ගත්ත අය පසු කාලීනව හොඳ වෘත්තීය ඡායාරූපශිල්පීන් වෙලා තියෙනවා. මං උදාහරණ පහතින් දාන්නම්. නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඉස්කෝලේ යන වයසේ 9, 10 වසර වල පොඩි කොල්ලෝ කාගෙ හරි කැමරාවක් බදා ගෙන සිංහල භාෂාවෙක් කිව්වොත් "රඟනවා" ඉතින් අද සමාජයේ මතයක් ඇති වෙලා තියෙනවා අද පඳුරකට පයින් ගැහුවත් photographers ල කියල.
අද වෙන කොට යම් තත්වයකට ඇවිත් ඉන්න photographer කෙනෙක් ඉන්නවා නම් එයාල ඉස්සර ඉඳලම ඒ වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා තමයි ඒ තැනට ඇවිත් ඉන්නේ,
මේක අන්තර්ජාලයෙන් උපුටා ගත්තේ තරමක් දුරට ඇත්ත කතාවක් ලංකාවෙදි නම් photoshop ligt room අත ඇරියාම. |
හරි දැන් මට හිතෙන දේවල් කියල ඉවරයි. දැන් මම දැන් කියන්න යන්නේ ඡායාරූප ශිල්පය තමන්ගේ විනෝදාංශයක් කරගෙන අද හොඳ තැනකට ඇවිල්ල ඉන්න කිහිප දෙනෙක් ගැන. (මේ කියන්න යන්නේ මම පුද්ගලිකව දන්න කිහිප දෙනෙක් ගැන, මේ වගේ තව බොහෝ දෙනෙක් ඇති.)
වැඩ පටන් ගත්තේ මෙගාපික්සල් 16ක පොඩි කැමරාවකින්.
සීවලි මධය විද්‍යාලයේ ජායාරූප සංගමේ ආරම්භ කලා වගේම පළමු
සභාපති.
වැඩි විස්තර කියන්න දෙයක් නෑ මම වැඩ ටිකක් දාන්නම් පහලින්.
පහත ලින්ක් 2ට ගියානම් තව විස්තර බලා ගන්න පුළුවන්.
වැඩ පටන් ගත්තේ ගෙදර නිකන් ඉන්න ගමන් තනියෙම photoshop ඉගෙන ගෙන. අද වෙනකොට ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා.
දි Y පුවත් පතේ මුල් පිටුව සැරසූ ඔහුගේ ඡායාරූපයක්.
තවත් වැඩි විස්තර Photo පහත ලින්ක් එකෙන් වගේම facebook පිටුවෙන් ගන්න පුළුවන්.
ඒ වගේම තවත් දක්ෂතා අතර ඉන්න අය ගොඩක් ඉන්නවා.
මම මේ තුන් දෙනා ගැන කිව්වේ රටේ ඉන්න හොඳම විද්වත් photographers ල 3 දෙනා මෙයාල නිසා නෙමෙයි. මීට වඩා ගොඩක් අත්දැකීම් තියෙන ප්‍රවීන අය ලංකාවෙ ඉන්නවා ඕනි තරම්. මම මෙයාල ගැන කිව්වේ. අර කැමරාවක් කරේ එල්ලගෙන මම photographer කෙනෙක් කියන අයට වඩා මෙයාල ගොඩක් වෙනස්. අඩියෙ ඉඳල පටන් අරන් ඉහලට ආපු අය. මෙයාල ගැන දැම්මේ අනිත් අයට ආදර්ශයක් විදිහට අරන් මෙයාල ගිය පාරෙ යන්න.
හරි එහෙනම්...
ජය වේවා!
තෙරුවන් සරණයි !!!
|
Wynn casino, poker room reservations, and more - JTM Hub
ReplyDeleteGet Wynn casino, poker room 사천 출장안마 reservations, and more 김천 출장안마 information about Wynn casino, poker room reservations, 대전광역 출장샵 and more information about Wynn casino, 서귀포 출장안마 poker room reservations, 전라북도 출장마사지