නම ගම කියල පටන් ගන්නව නම්,
මගේ නම දිනුක විජේසිංහ සාමන්‍ය පෙළ කලේ 2012 උසස් පෙළ කලේ 2015. රට වටේ ඇවිද්දට ඉන්නේ රත්නපුර කහවත්තේ. ඉගෙන ගත්තේ සීවලී මධ්‍ය විද්‍යාලයෙන්.
බ්ලොග් ලියන්න මුලින්ම පටන් ගත්තේ 10 වසරෙ ඉන්නකොට ඒ 11wada.blogspot.com අඩවියේ. ඒක ලිව්වේ (දැනටත් ලියනව ඒකෙ හිටපු ගමන්) ඉස්කෝලෙ අපි යාළුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා.
උසස් පෙළ කරල කැම්පස් එනකන් ගෙදර ඉන්න කොට තමයි මේ බ්ලොග් එක පටන් ගන්න හිතුනෙ. ඒ කියන්නේ නිළ වශයෙන් මුලින්ම පොස්ට් එකක් බ්ලොග් එකට දැම්මේ 1/10/2016 11.26 PM (ඔව් ඔව් මහ රෑ තමයි) ට විතර.
ඉතින් මගෙ නිල Facebook පිටුව තමයි
ඉතිං යෝජනා, චෝදනා, හොඳ, නරක, මඩ ඕනි දෙයක් මේ page එකට කියන්නත් පුළුවන්.
ඉතිං අපි ඔක්කොම මැරෙන මිනිස්සුනෙ ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි කාගෙවත් හිත නොරිද්දා කාටවත් කරදරයක් නොකර පුළුවන් තරම් අනුන්ට උදව් කරගෙන කරන්න පුළුවන් පිනක් දහමක් කරල ජීවත් වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ.
ඉතිං සයිබර් අවකාශෙ මේ රැඳිල ඉන්න කාලෙදි හැමොටම සතුටක් ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව.
ඉතිං බොහොම ස්තුතියි.
0 comments:
Post a Comment