Ads 468x60px

Featured Posts

Sunday 7 August 2016

ගුරුවරුන් අතර ගුරු දෙවියෙකු දෙවියෙකු වූ අපේ රවින්ද්‍ර සර්.



මීට අවුරුදු 2කට විතර ඉස්සර. ඒ කිව්වේ මම උසස් පෙළ කරන්න පටන් ගත්ත ක‍ාලෙ (12 වසරෙදි) මුලින්ම ඉස්කෝල පටන් ගත්ත දවසේ Maths student කෙනෙක් විදිහට ඉස්කෝලෙට ගිය මම එදා හවස ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවේ Engineering Technology Student කෙනෙක් විදිහට.

ඉතිං මීට ඉස්සර කවුරුත් නොකරපු, ලැබෙන විශ්ව විද්‍යාල මොනවද කියල නොදන්න, අළුත් විෂයන් ඉගෙන ගන්න වෙන, කිසිම ගුරුවරයෙක් මීට කලින් උගන්වල නැති. විෂයකට ලොකු අවධානමක් අරගෙන මම මාරු උනේ, ඉංජිනේරු තාක්ෂණයට, මගෙ තිබුණ පට්ට ආසාව හින්දමයි.

ඒත් ආසාවට මාරු උනාට ටික කාලයක් යනකොට තමයි තේරුනේ කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි කියල, මොකද ඉස්කෝලෙ ගුරුවරුන්ට අපේ විෂය අළුත් ඉතිං එයාල උගන්වන විදිහත් අවුල්. ටියුෂන් පංතිත් නෑ, මොකද තාක්ෂණික විෂය ධාරා කරන අපි හැමෝටම අනිවාර්යය විෂය උන “තාක්ෂණවේදය සඳහා විද්‍යාව“ "Science for Technology" වගේ විෂයන් කරන්න තනි ගුරුවරයෙකුට අමාරුයි. මොකට මේ තනි විෂය අස්සේ 
  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • ගණිතය
  • ජීව විද්‍යාව
  • ICT  
කියන විෂයන් 5ම හැංගිලා තිබුණා. අපිත් එක්ක වෙනත් විෂය ධාරා වල A/L කරන උන් පොත් 3ක් අරන් ඉස්කෝලෙ එනකොට අපි පොත් 12ක් විතර අරන් ගියා.
ඉස්කෝලෙ අරන් ගිය පොත්
ඉතිං ඔය අතරෙ ටියුෂන් පංති පංතිත් එක දෙක වැටෙන්න ගත්තා අනිත් විෂයන් 2ටම හොඳ පංති සෙට් උනත් Science for Technology  වලට හරි පංතියක් සෙට් උනේ නැත්තේ මේ විෂයේ තියෙන බරපතලකම නිසාමයි.

ඔය අතරෙ ළමයි ගොඩක් ඉන්වා කියල ආරංචි උන පංතියට යමු කියල යාළුවෝ කතා කලා, ඉතිං මාත් නිකමට වගේ ගිහින් බැලුවා. ඒ සර්ට ළමයි නම් හිටියා Bsc උපාධියකුත් තියනවා කියල පොර සැරින් සැරේ කිව්වා. ඒත් පොර එදා පටන් ගත්තේ Bio පාඩමක්, මටනම් අහන් ඉඳලම එපා උනා පොර bio උගන්වන විදිහ.අපිට තේරෙන්නෙත් නෑ පොර කියන දේවල්, එතිං මම ඒත් කල්පනා කලා Bsc එකකුත් තියාගෙන මේක පැහැදිලි කරගන්න බැරි ඇයි කියල පොරට, ඒත් හොයල බලනකොට තමයි වැඩේ මීටර් උනේ, Bsc එකක් තියෙනවා හැබැයි Bsc (Hons) SLIIT  ඉතිං යකෝ මම කල්පනා කලා උසස් පෙළ කරල රජයේ කැම්පස් එකකට පැනගන්න බැරුව SLLIT ගිය එකෙක් කොහොමද අපිට කැම්පස් යන්න උගන්නන්නේ, අනික පොරට තියෙන්නේ කම්පියුටස් සයන්ස් උපාධියක් පොර ඒකත් එක්ක කොහොමද අපිට Bio ටික Chemistry ටික කරන්නේ,

ඉතිං මම පළවෙනි සතියෙන්ම වැඩේ අත ඇරල දැම්මා.

ඔහොම ඔහොම පංති හෙන තොගේකට ගියත් එකක්වත් සෙට් උනේ නෑ..

ඊට පස්සේ මම Science for Technology වලට පංති යන එක අතඇරල දැම්ම.

පස්සේ මට පංතියක් ගැන ආරංචි උනා ඒත් ලොකු විශ්වාසයක් තිබුනේ නෑ, ඒත් කෝකටක් කියල ගිහින් බලනව කියල පංතියට ගියා එදා තමයි මම රවීන්ද්‍ර සර්ව අඳුර ගත්තේ මුලින්ම,
ළමයි 10ට වඩා හිටියේ නෑ පංතියේ, ඒත් කමක් නෑ මමත් ඩෙස් එකක් අල්ලගෙන වාඩි උනා.

මට අද වගේ මතකයි සර් එදා කලේ Microbiology පාඩම, අපි එදා මුලින්ම ගිය නිසා කාර්ඩ් ගත්තේ නෑ, ඒ නිසා කාඩ් මාර්ක් කරන එකා ටියුට් එක දෙන්න බෑ කිව්වා, ටියුට් එකක් කිව්වට ඒක Color Print ගහපු තඩි පොතක්. ඒක  Print  කරන්නම රු 700/= විතර යන්න ඇති. සර් ඒත් කාර්ඩ් මාර්ක් කරන අයියට  කිව්වා කමක් නෑ දෙන්න කියල.
සර් එදා දීපු ටියුට් එක.

     

මට එපා වෙලා තිබුණ bio ටික. සර් මතක හිටින විදිහට සුපිරියට ඉගැන්නුවා.

ඉතිං මම හිතුවා මේ පංතියට ටික දවසක් ගිහින් බලනවා කියල මොකට මට First Impression එක හොඳට වැදුන නිසා. ඉතිං ඔහොම මම දිගටම එන්න ගත්තා,

සර් Bio , Chemistry කියල වෙනසක් නෑ හැම එකම සුපිරියට ඉගැන්නුවා ආස හිතින මතක හිටින විදිහට.

ඉතිං මම මොන වැඩ තිබුනත් කවදාවත් class එක කට් කර ගත්තේ නෑ...
අපේ විෂයන් අළුත් නිසා සිලබස් එක දහ සැරයක් විතර වෙනස් උනා පළවෙනි අවුරුද්ද ඇතුලෙදි.

සිලබස් වෙනස් කරල අළුත් පොත එන්න කලින් සර් අපිට ඇවිත් කියනවා ළමයි මේ ටික ඔයාලගෙ සිලබස් එකෙන් අයින් කරල, අළුතෙන් මේ ටික ඇඩ් කරල කියල. සර් ඒ ගැන අපිටත් වඩා ටච් එකේ හිටියා. ඒ නිසා අපිට සර් ඉගැන්නුවේ තෝරල බේරල ගානට පිළිවෙලට,

ඔහොම ඔහොම ආරංචිය ගිහිල්ලා සර්ගෙ පංතියට ළමයි වැඩි උනා.
ඒත් ඒ ආපු ගොඩක් ළමයි ඉස්කෝලෙ උගන්නන ඒවට වඩා සර් උගන්නන ඒවා වෙනස් කියල වෙන පංති වලට ගියා. ඒත් මට නම් මේ පංතිය සුපිරියට වැදිල තිබුනේ.

ඉස්කෝලෙ උගන්න ඒවට වඩා සර් උගන්න ඒවා වෙනස් උනේ මොකද ඉස්කේලෙ නම් Science for Technology වල Maths උගන්නන්න ආවෙ A/L maths උගන්නන ගුරුවරයෙක් මොකද කිසිම ඉස්කෝලෙක මේ වෙනකොට ගුරුවරු හිටියේ නෑ. ඉතිං එතකොට ත්‍රිකෝණමිතිය කිවුවාම, එයා එයාට සුපුරුදු combine maths ත්‍රිකෝනමිතිය කලා, ඒත් අපිට theory වලට වඩා තිබුනේ Trigonometry වල application. ඉතිං ඉස්කෝලෙ theory උගන්නවා රවීන්ද්‍ර සර් application  උගන්නනවා ඉතිං වෙනස් තමයි.

ඉතිං ඔහොම ඔහොම අවුරුද්දක් එකහමාරක් විතර ගෙවිල ගියා අපිට විභාගෙ ගැන ලොකු ගාණක් තිබුනෙත් නෑ. ඉතිං සර් විභාගෙට මාස 6කට කලින් සිලබස් ඉවර කලා. ඊට පස්සේ සර් කිව්වා මම ආපහු සිලබස් එක මුල ඉඳල කරනවා කියල. අපි මුලින් හිතුවේ ඇත්තටම සර් එහෙම කිව්වේ ආතල් එකට කියල, ඒත් නෑ සර් විභාගෙට මාස තුනක් තියල අපිට රාජලියගෙ කථාවක් කියල ආපහු සුපිරි ඉගැන්නිල්ලක් කලා ඒකෙන් තමයි මම නම් ගොඩ ගියේ

මේ 2016 A/L ළමයින්ට ගහපු එකක් අපේ එක හොයා ගන්න බැරි උනා.
සර් ඒක කලේ සුපිරිම ක්‍රමේකට එක ළගින් යන පාඩම් අල්ලල ෂොට් නෝට් පොත් සෙට් එකක් දුන්නා.
Short note පොත් කිහිපයක්.
ඊට පස්සේ දවසට එක පාඩමක් වගේ වෙන්න ආපහු මුළ ඉඳළ කරගෙන ගියා, අන්න එතකොට අර සර් උගන්නන ඒවා වෙනස් කියල පංතිය දාල ගිය සෙට් එක ආපහු මේකට එන්න ගත්තා. මේ revision එකේදී සර් MCQ 3000 ක් විතර Structured Essay  ප්‍රශ්ණ 1000 ක් විතර වෙන්න කෙරෙව්වා. ඉතිං ඒ ටික කලා කලා කියන්නේ අපිට ආපහු වෙන මුකුත් කරන්න ඕනි උනේ නෑ. අපිට ගෙදර ගිහින් වැඩ කරන්නත් නැති තරමට සර් අපිට පංතියෙදි වැඩ කෙරෙව්වා.
ඉතිං විභාගෙ කිට්ටු කරල රත්නපුර පුරාම ආයතන වල රු 1000/= 1500/= කියල සම්මන්ත්‍රන තියන්න පටන් ගත්තා. ඒත් රවීන්ද්‍ර සර්ගෙ පංති ගිය අපිට නම් ඒ එක සම්මන්ත්‍රනේකටවත් යන්න ඕනි උනේ නෑ.

සර් උනත් Science for Technology උගන්නන පළවෙනි වතාව නිසා සර් අපිට ටියුට් හදන්න, අමතර විෂය කරුණු හොයල දෙන්න සෑහෙන්න වෙසෙක් ගත්තා,

ඒ අතරෙ අපි හැමෝම ගැන හොයලත් බැලුව, සර් සමහර වෙලාවට රෑ 12ට 1ට විතර කතා කරල මගෙන් අහනවා දිනුක අර ගණන් ටික හැදුවද? අර ටික බලා ගත්තද කියල. ඉතිං අපිත් සර්ගෙ මහන්සිය නිසා අපිත් නොදැනිම වැඩ කලා.

සර් ඒ මාස තුනේ පංතිය කරන්න කොච්චර මහන්සි උනාද කියනව නම්. සර් දවසක් මට කතා කරල කියනවා “දිනුක දැන් මේ දවස් ටිකේ කන්නවත් වෙලාවක් නෑ මට බයයි මට ලොකු ලෙඩක් වත් හැදෙයිද කියල“ කිව්වා. සර් ඒ කිව්වේ ඕනිම කෙනෙකුට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණය ඉක්මවල වැඩ කලාම. ශරිඑයට ඒක දරා ගන්න අමාරුයි. ඒත් සර් ගැන වත් හිතන්නේ නැතුව අපි වෙනුවෙන් මහන්සි උනා. 

ඒ උනාට සර්ගේ ඒ මහන්සියේ ප්‍රතිඵල තිබුනා, විභාගෙ ලියන දවස ටිකෙන් ටික ලං උනා. 2015 AL Science for Technology විභාගේ හැමෝටම අමාරු වෙද්දි, රවීන්ද්‍ර සර්ගේ පංති ගිය අපි පේපර් එක ගේමක් නැතුව ලියා ගත්තා. 

විභාගේ ඉවර උනත් සර් අපිව අත් ඇරියේ නෑ. දිනුක නිකන් ඉන්න එපා මොනව හරි කරන්න. කියල නිතරම අපිට කතා කලා, 

ඔහොම ඉඳල ඉඳල result ආව. මට B සාමාර්ථ 3 ලැබිල තිබුනා. මම රත්නපුර දිස්ත්‍රික්කෙන් 6 වෙනියා වෙලා තිබුණා. ලංකාවෙන්ම 120 වෙනියා. සර්ට කතා කරල කිව්වා. රත්නපුර දිස්ත්‍රික්කේ පළවෙනියත් සර්ගෙ පන්ති ආපු උදාර අරගෙන තිබුණා. උදාරටත් B 3යි. 
එදාම දැනගත්තා,
  • රත්නපුර
  • මාතලේ
  • නුවර
  • කළුතර
දිස්ත්‍රික්ක වල පළවෙනියෝ විතරක් නෙමෙයි. ලංකාවෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය පළවෙනියත් සර්ගෙ පංතියෙන් ඇවිත් තිබුණා.

ඉතිං සර්ගෙ මහන්සියේ ප්‍රතිඵල තිබුණා.

සර්ට පට්ට සතුටුයි. සර් රිසල්ට් ආවට පස්සේත් අපිව අතඇරල දැම්මේ නෑ. ආ දැන් හරි විභාගෙ ඉවරයි රිසල්ට් ආව කියල. සර් නිතරම හොයල බලල අපිට තෝරගන්න ඕනි යුනිවර්සිටි ගැන. උපාධි ගැන අපිව දැනුවත් කලා.

ඒ විතරක් නෙමෙයි B. Eng උපාධි ඇරෙන්න වෙනත් උපාධි ඒ කියන්නේ මොරටුවේ විලාසිතා අධ්‍යනය, සබරගමුවේ ශාරීරික අධ්‍යාපනය වගේ යෝග්‍යතා පරීක්ෂණ තියෙන උපාධි ගැනත් ඒ පැත්තට යන්න කැමති ළමයින්ව දැනුවත් කලා.

ඉතිං සර්ට පිංසිද්ද වෙන්න අපිට තව ටික දවසකින් කැම්පස් යන්න පුළුවන්.

ඊට පස්සේ සර් අපේ ශානක වත් අල්ලගෙන 2016 ඉඳල උසස් පෙළ කරන ළමයිට භාවිත කරන් පුළුවන් තමන්ගේ ගැටළු සාකච්ඡා කරන්න පුළුවන් වෙබ් අඩිවියක් launch  කලා. http://www.altechnologysl.com

දැන් අළුත් ළමයි ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. අපිත් ඒ සයිට් එකේ ඉන්න ළමයිට තියෙන ප්‍රශ්ණ වලට පුළුවන් විදිහට උපකාර කරනවා.

ඉතිං මට කියන්න තියෙන්නේ ඔයාලත් Science for Technology කරනව නම් එක දවසක් රවීන්දු සර්ගෙ පංතියට ගිහින් බලන්න. පංති ගැන වැඩි විස්තර සර්ගේ සයිට් එකේ ඇති.

හරි. මම මේ පොස්ට් එක ලිව්වේ අළුතෙන් උසස්පෙළ කරන ගොඩක් ළමයි මගෙන් පංති ගැන විස්තර අහපු නිසා. දැන් ඉතිං මට ලේසියි විස්තර කියන්නේ නැතුව හැමෝටම මේ ලින්ක් එක දෙනවා. ;-) 

Friday 5 August 2016

ඔබ දන්නවාද ඔබට දැන් රු 10/= ටත් රත්තරන් මිලට ගත හැකි බව.

හරි ගොඩක් ලොකු කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්නේ, වැඩි කතා නැතුව පටන් ගමු.


හරි ඉතිරි කිරීම අද කාලේ හැමෝම පොඩියට හරි කරන දෙයක් නැතිනම් කරන්න උත්සහ කරන දෙයක්. අද මම කියන්න හදන්නේ රත්තරන් ඉතුරු කරන හැටි ගැන.

හරි මේක අළුතෙන් හඳුන්වා දුන්න සංකල්පයක්, "අතේ ඇති මුදලින් රන් උදෙසා ආයෝජනය කිරීම"

රත්තරන් මිල කවදාවත් එකතැන තියෙන්නේ නෑ, දවසින් දවස වැඩි වෙනවා,
හරි මේ තියෙන්නේ goldprice.org වෙබ් අඩවිය පසුගිය වසරේ රත්තරන් මිල වෙනස් උන ආකාරප දක්වල තියෙන විදිහ. 2015 September වලදි  $35  වගේ වෙලා තිබුනු රත්තරන් ග්‍රෑම් එක 2016 July ඉවර වෙනකොට $43.60 දක්වා වැඩි වෙලා තියෙනවා.

හරි දැන් හැරෙමු කතාව පැත්තට.

මම මේ කියන්න යන්නේ අළුත් වෙබ් අඩවියක් ගැන. මේ වෙබ් අඩවියේ සංකල්පය තමයි රන් වලින් ආයෝජනය කිරීම.

ඔව් දැන් ඔබ කියයි රන් වලින් ආයෝජනය කරන්න වෙබ් අඩවි මොකටද කියල,?

මෙහෙමයි අපිට අපේ අතේ තියෙන මුදලට රත්තරන් ගන්න පුළුවන්ද? බෑ අපි ගන්නවනම් විශාල මුදලක් ගෙවලා එකවර රන් විශාල ප්‍රමාණයක් (පවුමක්) වගේ ප්‍රමාණයක් මිලට ගන්න ඕනි.

නමුත් මේ වෙබ් අඩවිය ඒ ප්‍රශ්ණෙට හොඳ විසඳුමක්. අපිට රු10/= ක උනත් රන් මිලට ගන්න පුළුවන්. පස්සේ රන් වලට හරියන මුදල් හෝ රන් කුට්ටියක් විදිහටම ගෙදරට ගෙන්නගන්න උනත් පුළුවන්.

හිතන්න ඔබ අනාගතේ විවාහ වෙන්න ඉන්න තරුණයෙක් හෝ තරුණියක් නම් දැන් ඉඳල අතේ තියෙන මුදල් ඉතුරු කරල මේ විදිහට ආයෝජනය කලොත් ඔබේ විවාහයට අවශය රන් ඔබ ඒ වනවිට මිලට ගෙන තිබේවි පවතින මිලට වඩා අඩු මිලටක.

නැතිනම් ඔබ බුද්ධිමත් ආයෝජකයෙක් නම් ඔබ මුදල් ආයෝජනය කර තිබේවි කෙදිනකවත් පාඩු නොලබන ව්‍යාපාරයකට, ඉවසීමෙන් වැඩ කරන බුද්ධිමත්ව හිතල තීරණ ගන්න අයටනම් මේක හොඳ අවස්ථාවක්,

මෙහෙමයි මේක ලංකාවේ මුදල් ඒකකය වන LKR වලට සහය දක්වනවා. ඒක ලංකාවේ අපිට ගොඩක් වටිනවා.

මෙන්න සයිට් එකට ලින්ක් එක. http://goo.gl/jc4ZBZ

ඔය ලින්ක් එකට ගියාම.

1) Personal කියන එක තෝරන්න
2) Open a Free Personal Account කියන එක ක්ලික් කරන්න.
හරි ඔය විදිහට පුරවන්න එයි form එකක්. ඒක පුරවන්න ඊට පස්සේ ජංගම දුරකථන අංකය වගේ ඒව දීල මේ පියවර සම්පූර්ණ කර ගන්න. මේ විස්තර දෙනකොට ඇත්තම විස්තර ඇතුල් කරන්න. මොකද නැත්නම් සල්ලි ආපහු ගන්නකොට ප්‍රශ්ණ මතු වෙන්න පුළුවන්.

අන්තිමට මෙහෙම එකක් එයි ඒ කියන්නේ වැඩේ හරි

දැන් ඔයාගේ email එකට ගිහිල්ලා ගිණුම verify කරගන්න ඕනි.

දැන් සල්ලි දාන්නයි තියෙන්නේ පළවෙනි පාර සල්ලි දානකොට දවස් 7ක් යන්න කලින් වැඩි මුදලක් දාන්න. එතකොට ඔයාට බෝනස් මුදලක් හම්බවෙනවා.

පළවෙනි වතාවේ සල්ලි දානකොට රු 750/= ක් වත් දාන්න. (අඩුම තරමේ) මොකද එතකොට අපිට ලැබෙන බෝනස් ප්‍රමාණය වැඩියි.

හිතන්න ඔයා රු 750 ක් දැම්මොත් රු 75/=ක රත්තරන් ඔයාට නිකන් හම්බවෙනවා.

2000/= ක් දැම්මොත් රු 200/= ක රත්තරන් නොමිලේ හම්බ වෙනවා.

නමුත් ඒ මුල් දවස් 7 ඇතුලත සල්ලි දැම්මොත් විතරයි.

වෙබ් සයිට් එකට මෙතනින් යන්න http://goo.gl/jc4ZBZ

හරි පොඩි වීඩියෝ එකකුත් හැදුවා. බලල ඉන්නකෝ.



වෙබ් සයිට් එකට මෙතනින් යන්න http://goo.gl/jc4ZBZ

Wednesday 3 February 2016

ඔබේ facebook එකත් ආරක්ෂා කර ගන්න!

ඔයාල හැමෝටම facebook එකවුන්ට් තියෙනවානෙ. ඒ එකවුන්ට් එක ආරක්ෂා කර ගන්න ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නේ, 
 ගොඩක් අය මේක ගැන දන්නවා ඇති නොදන්න අයට දැනගන්න දැම්මේ. 

Video එකක් හැදුවා. ඔයාලටත් ලේසියි මටත් ලේසියි නේ.




හරි එහෙනම් 
ජය වේවා!
තෙරුවන් සරණයි!!!

පොටෝ ඇල්ලිල්ල සහ ඡායාරූපශිල්පය ගැන මගේ අදහස

වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්
පොටෝ අල්ලන පොඩි එකෙක්


හරි නිකන් ඉන්න ගමන් අද මට හිතුනා මේ දවස් වල ගොඩක් හිට් වෙලා තියෙන මාතෘකාවක් ගැන ලියන්න. මුලින්ම කියල ඉන්න ඕනි මම ඡායාරූපශිල්පය ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මම මෙතන ලියන්නේ ඒ ගැන මගේ අදහස.

හරි ඡායාරූපශිල්පියෙක් කියන්නේ කවුද?
අද කාලෙ හැටියට නම් DSLR කැමරාවක් කරේ එල්ලගෙන ඉන්න පොටෝ එකක් තමන්ගේ facebook profile picture  එකට දාගෙන ඉන්න හැම කෙනෙක්ම ඡායාරූපශිල්පියෙක්. කියල තමයි එයාල හිතාගෙන ඉන්නේ.

නමුත් ඒක වැරදියි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ photographer හොඳ වෙන්නේ කැමරාව හොඳ වෙන තරමට කියල. නෑ ඒක වැරදියි. ඡායාරූපශිල්පියෙකුට ඒ ගැන හොඳ දැනුමක් වගේම කලාත්මක ඇසක් තියෙන්න ඕනි. ඒකට කැමරාය වැදගත් නෑ. හොඳ ඡායාරූප ශිල්පියෙකුට ලක්ෂයක් දෙකක් වටින DSLR කැමරාවකින් වගේම රු 10000/=  ක් වටින පොඩි කැමරාවකිනුත් කලාත්මක ජායාරූපයක් ගන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ එයාලගෙ අත්දැකීම් සහ පලපුරුද්ද. 

අනිත් දේ තමයි කවදාවත් දෙයක් හරියට කරන ඒ ගැන දන්න උගතෙක් මං තමයි දක්ෂයා. මට පුළුවන්. මං තමයි පොර කියල තමන් ගැන කියව කියව යන්නේ නෑ. (photography විතරක් නෙමෙයි හැම දේකදිම) මොකද අද බහුතරයක් ඉන්නේ අනුන්ගෙ හරි නැත්නම් rent එකට ගත්ත හරි කැමරාවක් එල්ලගෙන තමන් හෙන photographer කෙනෙක් කියල හිතාගෙන, ඉන්න අය. එයාල නිසා මේ කලාව ගැන දන්න. photography වෘතියක් විදිහට කරන අයටත් එයාලගෙ තත්වය නැති වෙලා තියෙනවා.


විනෝදාංශයක් විදිහට photography කරන්න ඕනි කෙනෙකුට පුළුවන්. උදාහරණයක් විදිහට මම ඉඳල හිටල උත්සහ කරනවා හිතට වැදෙන photo එකක් ගන්න. එහෙම විනෝදාංශයක් විදිහට photography කරන අයට විවිධ තරඟ පවා තියෙනවා. උදාහරණයක් විදිහට facebook එකේ තියෙනවා ජංගම දුරකතන වලින් ජායාරූපකරණයේ යෙදෙන අයගේ එකමුතුවක් Mobile Photography '''' වැඩකාරයෝ ''''' කියල. ඒක හරියට ජංගම දුරකතන වලින් ඡාරාරූප ගැනීම විනෝදාංශයක් කර ගත්ත අයගේඑකමුතුවක්.



ඒ වගේ මේ කලාව විනෝදාංශයක් කර ගැනීම වරදක් නෙමෙයි. ඒ වගේ විනෝදාංශයක් කර ගත්ත අය පසු කාලීනව හොඳ වෘත්තීය ඡායාරූපශිල්පීන් වෙලා තියෙනවා. මං උදාහරණ පහතින් දාන්නම්. නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඉස්කෝලේ යන වයසේ 9, 10 වසර වල පොඩි කොල්ලෝ කාගෙ හරි කැමරාවක් බදා ගෙන සිංහල භාෂාවෙක් කිව්වොත් "රඟනවා" ඉතින් අද සමාජයේ මතයක් ඇති වෙලා තියෙනවා අද පඳුරකට පයින් ගැහුවත් photographers ල කියල.

අද වෙන කොට යම් තත්වයකට ඇවිත් ඉන්න photographer කෙනෙක් ඉන්නවා නම් එයාල ඉස්සර ඉඳලම ඒ වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා තමයි ඒ තැනට ඇවිත් ඉන්නේ, 
මේක අන්තර්ජාලයෙන් උපුටා ගත්තේ තරමක් දුරට ඇත්ත කතාවක් ලංකාවෙදි නම්  photoshop ligt room අත ඇරියාම.


හරි දැන් මට හිතෙන දේවල් කියල ඉවරයි. දැන් මම දැන් කියන්න යන්නේ ඡායාරූප ශිල්පය තමන්ගේ විනෝදාංශයක් කරගෙන අද හොඳ තැනකට ඇවිල්ල ඉන්න කිහිප දෙනෙක් ගැන. (මේ කියන්න යන්නේ මම පුද්ගලිකව දන්න කිහිප දෙනෙක් ගැන, මේ වගේ තව බොහෝ දෙනෙක් ඇති.)





වැඩ පටන් ගත්තේ මෙගාපික්සල් 16ක පොඩි කැමරාවකින්. 
සීවලි මධය විද්‍යාලයේ ජායාරූප සංගමේ ආරම්භ කලා වගේම පළමු 
සභාපති.

වැඩි විස්තර කියන්න දෙයක් නෑ මම වැඩ ටිකක් දාන්නම් පහලින්.


පහත ලින්ක් 2ට ගියානම් තව විස්තර බලා ගන්න පුළුවන්.






වැඩ පටන් ගත්තේ ගෙදර නිකන් ඉන්න ගමන් තනියෙම photoshop ඉගෙන ගෙන. අද වෙනකොට ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා. 

දි Y පුවත් පතේ මුල් පිටුව සැරසූ ඔහුගේ ඡායාරූපයක්.


තවත් වැඩි විස්තර Photo පහත ලින්ක් එකෙන් වගේම facebook පිටුවෙන් ගන්න පුළුවන්.



ඒ වගේම තවත් දක්ෂතා අතර ඉන්න අය ගොඩක් ඉන්නවා. 

  • Asitha Sonal  වගේ අය. (මං දන්න විදිහට අසිත නම් තාමත් photography කරන්නේ විනෝදාංශයක් විදිහට) 

මම මේ තුන් දෙනා ගැන කිව්වේ රටේ ඉන්න හොඳම විද්වත් photographers ල 3 දෙනා මෙයාල නිසා නෙමෙයි.  මීට වඩා ගොඩක් අත්දැකීම් තියෙන ප්‍රවීන අය ලංකාවෙ ඉන්නවා ඕනි තරම්. මම මෙයාල ගැන කිව්වේ. අර කැමරාවක් කරේ එල්ලගෙන මම photographer කෙනෙක් කියන අයට වඩා මෙයාල ගොඩක් වෙනස්. අඩියෙ ඉඳල පටන් අරන් ඉහලට ආපු අය. මෙයාල ගැන දැම්මේ අනිත් අයට ආදර්ශයක් විදිහට අරන් මෙයාල ගිය පාරෙ යන්න.

හරි එහෙනම්...

ජය වේවා!
තෙරුවන් සරණයි !!!




Thursday 28 January 2016

Dialog Optima 2 ගැන සිංහලෙන්


Dialog එකෙන් අපිට ගන්න පුළුවන් මිල අඩු හොඳ ස්මාර්ට් ෆෝන් එකක් තමයි Dialog Optima 2 කියන්නේ.


ඒකෙ තියෙන specification පහල පින්තූරෙන් බලා ගන්න පුළුවන්.

පරණ Dialog phone එකක් තියෙනව නම් ඒක Dialog එකට දීල 9990/=  වෙන මේක 6990=ට ගන්න පුළුවන්.

ඉන්න ගමන් පොඩි වීඩියෝ කෑල්ලක් හැදුවා. බලල වැරදි අඩු පාඩු කියන්න. කාට හරි වැඩක් වෙයි.






Thursday 14 January 2016

ඔහු දුලාන් බෝගහවත්ත නම් විය.

practical  අවස්ථාවක හොරෙන් ගත් ඡායාරූපයක්
මට ඒ දිනය අද වගේ මතකය, ඒ මට මුලින්ම ඒ කටහඬ ඇසුන දිනයයි, ඒ දුරකථනයෙනි එදා එම ඇමතුම අවසානයේ ඔහු මට පැවසුවේ “බය වෙන්න එපා පුතා ඔයාලව අනිවාර්යයයෙන් ගොඩ දානව“ කියාය. ඒ වචන වල සැකයක් නැත ඔහු එය පවසන්නනේ විශ්වාසයෙන් බව මගේ සිතට දැනුනි.

වෘතියෙන් ඉංජිනේරුවරයෙකු වන ඔහු එදා පටන් පුරා වසර දෙකක් ඔහු මගේ ඉංජිනේරු තාක්ෂණවේදය ගුරුවරයා විය.

ළමයි අපි පටන් ගමුද කියා පංතියට එන ඔහු ඉංජිනේරු තාක්ෂණය වැනි රළු විෂයයක් ඉතා සුමුදුව පැහැදිලිව දෙසවන තුලින් මොළයටම යවයි, 

අපි පංතිය පටන් ගත්තේ ළමයි 6 දෙනෙක් ගෙනි, මමද එහි ආරම්භක සාමාජිකයෙකි, 

සර් පංතියට ආවාම ළමයි කවුරුත් කෑ ගහන්නේ නෑ. අපිට සර් කියල දෙන්නේ පේපර් එකට උත්තර ලියන හැටි විතරක් නෙමෙයි ජීවිතයට මුහුණ දෙන හැටි. 
සර් හැමදාම කියන්නේ ළමයි ජීවිතයට වගේම කැම්පස් එකට කෙටි පාරවල් නෑ, ඔයාල කොහොම හරි විභාගෙන් හොඳ ප්‍රතිඵල අරගෙන අම්මල තාත්තලගෙ හීන හැබෑ කරන්න, ඔයාලගෙ ජීවිත සාර්ථක කරගන්න මට ඒ ඇති.

ඒ වෙනකොට රත්නපුරේ හරි Engineering පංතියක් තිබුනේ නෑ ඒත් සර් කවදාවත් ටවුන් එකේ පෝස්ටරයක් ගැහුවේ නෑ, මම දවසක් මගේ තිබුන පණ්ඩිත කමටත් එක්ක සර්ට ගිහින් කිවුවා සර් ඇයි සර් පංතිය මාකට් කරන්නේ නැත්තේ පෝස්ටරයක් හරි කටවුට් එකක් හරි ගැහුවනම් මීට වඩා ළමයි පංතියට එයි කියල. සර් හිනාවෙලා කිව්වේ පුතේ මට මීට වඩා ළමයි ඕනි නෑ කවුරු හරි ළමයෙක් මම ගැන හොයා ගෙන සැබෑ උවමනාවෙන් පංතියට ආවොත් මිසක මට පෝස්ටර් ගහල පංතියට ළමයි ගෙන්න ගන්න ඕනි නෑ මම කවද හරි පෝස්ටරයක් ගහන්නේ ඔයාලගෙ රිසල්ට් ලෝකෙට කියන්න කියල,

සර් ගෙ ඒ තිබුන මනුස්සකමටද කොහොද දවසෙන් දවස ළමයි වැඩි වෙලා රත්නපුරේ ළමයි වැඩිපුරම ඉන්න Engineering පංතිය අපේ පංතිය උනා.

දැන් පංතියේ ළමයි වැඩියි. ඒත් සර් කවදාවත් ඒ නිසා කිසිම ළමයෙක්ට අඩු පාඩුවක් වෙන්න දුන්නේ නෑ, ස්ටේජ් එකෙන් බැහැල පංතියේ හැම ඩෙස්ක් එකක් ගානෙම යනවා, තේරුණේ නැති එක ළමෙක් වත් පංතියේ නැති වෙනකන් පේළියෙන් පේළියට ගිහින් කියල දෙනවා, ඒ ළමයගෙම පොත අරන් ඒකෙම කියල දෙනවා, ඒ විදිහට සර් මගේ පොත පුරාම ඇඳපු සටහන් තියෙනවා, 

හැම ළමයටම වගේ අමාරු කොටස උනේ ප්‍රායෝගික පරීක්ෂණය, මොකද Civil, Electronic, Automobile වගේ ක්ෂේත්‍ර වල practical ලේසි නෑ අනික අපිට විභාගෙට ලකුණු 15 හම්බ වෙනවා practical වලින් ඉතිං ළමයි මහ ගොඩක් ඉන්න පංතියක practical කරන්න විදිහක් නෑ කියලයි අපිත් හිතුවේ,

ඒත් දවසක් සර් පංතියට ආවේ තඩි පෙට්ටියක් උස්සගෙන, ඒ පිටිපස්සෙන් ආයතනයේ අයියල තව පෙට්ටි පෝලිමක් අරගෙන ආවා, 

සර් කිව්වා ළමයි අද practical එකක් කියල, ළමයි ඔක්කොම හිනා උනා ඇයි යකෝ මේ ළමයින් ගොඩකට කොහොමද practical කරන්නේ, 

නෑ සර් මුළු පංතියටම multi meter වගේම  Electronic practical  එක කරන්න බඩු ගෙනත් තිබුනා. මගේ අනුමානයේ හැටියට ඒ බඩු ටිකට විතරක් ලක්ෂ 2ක් 3ක් යන්න ඇති. සර් කිව්වේ ළමයි මේ මහන්සියෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල, අපි අන්තිමට පංතියෙදි  rc plane හදල උඩ යැව්වා.

සර්ට අපේ පංතියෙන් ආදායමක් තිබුනද කියලත් සැකයි, මොකද අපේ විෂය ධාරාව අළුත් නිසා අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුවෙන් අච්චු පොත් ගහල විකිණුවා, සර් කලේ ඒ මුළු පොත් සෙට් එකම පංතියෙ හැම ළමයටම නොමිළේ ගෙනත් දුන්නා.

අපේ හැම ළමයම ඒ පොත් සෙට් එක නිසා ලොකු දැනුමක් ගත්තා, හැමෝම පින් දුන්නේ සර්ට.

ඔහොම ඔහොම දන්නෙම නැතුව විභාගෙට චුට්ට චුට්ට ලන් උනා, සර් පංතියට ඇවිත් හැමදාම පේපර් කරන්න ගත්තා. සර් කිව්වා ළමයි මේව තමයි විභාගෙට එන්නේ මේ පේපර්ම කරල යන්න විභාගෙට කියල. කොහොම කොහොම හරි අගෝස්තු මාසෙටම ඇවිත් අපි උසස් පෙළ Engineering  පේපර් එක ලිව්වා. සර් කිව්ව එක ඇත්ත තමයි සර් කියපු ප්‍රශ්ණ හෙන ගොඩක් පේපර් එකේ, මම ගෙදර ආපු ගමන් කරපු මුල්ම වැඩේ සර් දීපු ප්‍රශ්ණයි පේපර් එකේ ආපු ප්‍රශ්ණයි දාල PDF එකක් හදල සර්ට mail කරපු එක.

ඒක බලන්න පුළුවන් මෙතනින්

ඉතින් ඊට පස්සේ විභාගෙ ලියල මම නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ සර් හම්බ වෙලා එන්න කියල සර් කිව්වා පුතා කැම්පස් එනකන් නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ, Course එකක් පටන් ගන්න මම scholarship එකක් දෙන්නම් කියල. ඉතින් ඊට පස්සේ සර් මටයි තව යාළුවෙකුටයි රත්නපුර පන්තියෙන් scholarship  එකක් දුන්නා  Civil Engineering කරන්න result එන්න කලින්ම. 

සර් අපි වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් කලා. 

ඔන්න ඉඳල ඉඳලා බය කරල පෙරුම් පුරල result ආවා. ඉතින් බයෙන් බයෙන් රිසල්ට් බැළුව B 3ක් තියෙනවා දිස්ත්‍රික්යේ 6 වෙනියා Island rank එක 120.

මුලින්ම කතා කලේ සර්ට ඉතිං සර්ටත් සතුටුයි. අම්මල තාත්තලටත් සතුටුයි. 

හවස් වෙලා සර්ට කතා කරල ඇහුවා සර් කොහොමද පංති වල රිසල්ට් කියල. ලංකාවෙන්ම Engineering paper එකට වැඩිම ලකුණු මගෙ පංතියෙන් තියෙනවා කියල සර් කිව්වා. ඒ අරගෙන තිබුනේ ඉෂාර බුද්ධික. 

ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කේ 1-2 
ගම්පහ සහ රත්නපුර මුල් ස්ථාන 20න් සෑහෙන්න පිරිසක් සර්ගෙ පංති ආපු අය. ඒ ගැන හදපු hand  bill එකක් හම්බුනා FB එකේ තිබිලා.

ඊට පස්සේ සර් දිස්ත්‍රික්කේ මුල් ස්ථාන වලට ආපු හැම ළමයටම කැම්පස් එනකන් තමන්ට කැමති course එකක් කරන්න සල්ලි වියදම් කරනවා දැන්.

අපේ පංති ආපු හැම ළමයම දැන් සර්ට පින් දෙනවා. 

මට මේ ලිපිය දාන්න හිතුනේ අළුතෙන් A/L කරන මල්ලිලා නංගිලා මගෙන් පංති ගැන විස්තර අහපු නිසා. දැන් මම ඒ හැමෝටම කියනවා Blog එක බලන්න කියල.

ඉස්සරහට A/L කරන මල්ලිලා නංගිලාට කියන්න තියෙන්නේ ඔයාලට දුලාන් සර්ගෙන් Engineering  ඉගෙන ගන්න බැරිනම් ඔයාලට ලංකාවේ කාගෙන්වත් Engineering ඉගෙන ගන්න බෑ. සර් ඒ තරම් සරලව පැහැදිලිව කියල දෙනවා. සර් ගෙ ටියුට් සෙට් එක උනත් පට්ට පැහැදිලියි.
අච්චු පොත් ටික නොමිලේ දෙනවා. (කඩෙන් ගත්ත නම් මාස 2 ක 3ක පංති fees නෙ) හොඳ රිසල්ට් ගත්තොත් campus යන්න කලින් course එකක් කරන්න ලැබෙනවා. තව මොනවද ඉතිං. :-)

හරි එහෙනම් 
සර්ට තවත් ළමයි ලක්ෂ ගණනක නෙතු පාදන්නට ශක්තිය ලැබේවා!

ජය වේවා!
තෙරුවන් සරණයි!



Monday 11 January 2016

O/L කරන නංගිලාට මල්ලිලාට වැදගත් වෙයි. (O/L කරන හැටි)

ආ ඔව් ඔව් අර දෙසැම්බර් මාසෙ තියන්නේ. අ.පො.ස (අපරාදෙ පොත් වලට සල්ලි) සා/පෙළ  ගැන තමයි.

හරි මෙහෙමයි. මාත් මේ ලොකු උගතෙක් බුද්ධිමතෙක් එහෙම නෙමෙයි ඈ. ඒත් ඉතිං A6 B2 C1 අරං යන්තං අර කියපු විභාගෙ පාස්. ඉතිං බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක විදිහට කාට හරි වැදගත් දෙයක් දාන්න හිතුනා. 
ඉතිං මාත් හැමදේම නොදන්න නිසා දන්න චූටි දේවල් ටිකක් කියන්නේ මේ කියන දේවල් වල වැරදි අඩු පාඩු පෙන්නලා දෙනවට මගෙ කිසිම තරහක් නෑ ඕන්. වැරදි පෙන්නකොට තමයි ඒවා හැදෙන්නේ. :)

මෙහෙමයි දැන් පාසල් කාලෙදි ළමයෙක් වැදගත් කියන රජයේ ප්‍රධාන විභාග 3ට මුහුණ දෙනවා. (සාමාන්‍ය ළමයෙක් ඈ) 

  1. 5 වසට ශිෂ්‍යත්ව විභාගය
  2. O/L
  3. A/L
ඉතිං මේ විභාග වලින් තරඟකාරිත්වය අඩුම විභාගෙ තමයි මම දකින විදිහට සා/පෙළ මොකද අනිත් විභාග දෙකේදිම හොඳ ඉස්කෝලෙකට යන්න හරි කැම්පස් පැන ගන්න හරි ලොකු තරඟයක් තියෙනවා.

නමුත් O/L වල මේ තරඟෙ නෑ ඒ නිසා ඒ හිසරදයෙන් ඔයාල නිදහස්.

දැන් බලන්න ඕනි තමන්ගේ අනාගතය ලෝකයේ ඉල්ලුම වගේ දේවල් දිහාත් මොකද මුලින්ම 9 වසට අන්තිමට විෂයන් තෝරන කොට ඒක හරියට අන්තිම කැමැත්ත ලියනව වගේ සමහරුන්ගේ. 
ඒ විෂය තෝරන කොට ඔයාල බලන්න ඔයාලගෙ කැමැත්ත තියෙන ක්ෂේත්‍රය දිහා, උදාහරණයක් විදිහට සෞන්දර්යය විෂයන් වලින් චිත්‍ර වලට දක්ෂ කෙනා ඒක කරයි සංගීතයට දක්ෂ කෙනා සංගීත කරයි.

අනිත් විෂය ගැන බැලුවොත් ව්‍යාපාර අධ්‍යනය, භූගෝලය වගේ විෂයන් වලින් ඔයාල වැඩිපුරම කැමති පහසුයි කියල හිතෙන එක කරන්න. අනාගත බලාපොරොත්තු එක්කත් පොඩ්ඩක් ගලපළ බැලුවට වරදක් නෑ. රජයේ රැකියාවකට වගේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒ විෂය කාණ්ඩයේම තියෙන දෙමළ භාෂාව කරන්න. මොකද රාජ්‍ය සේවා උසස් වීම් වලදි දෙමළ භාෂාව සමත් නම් ලොකු වාසි තියෙනවා. (දෙමළ වගේ විෂයන් වල A එකම නැතැත් S ගත්තත් වාසිය වැඩියි අර රජයේ රැකියා වල වගේ)
අනිත් විෂය කාණ්ඩය ගැන බැලුවොත් මම නම් කියන්නේ පුළුවන් හැමෝම ICT කරන්න කියල ඒකට හේතු 2ක් තියෙනවා

  1. අනාගත ලොකට දුවන්නේ ICT මත. ඉතිං ICT දැනුම අත්‍යවශයයි.
  2. ඔයාලා මොන අංශයෙන් උසස් පෙළ කලත් 12 වසර අන්තිමට රජයෙන් තියෙන GIT (සාමාන්‍ය තොරතුරු තාක්ෂණය)  විභාගේ හැමෝටම අනිවාර්යයි. ඉතිං ඔය විභාගෙ සමත් වෙන්න සා/පෙළ IT කරපු කෙනෙකුට ගේමක් නෑ. 
එහෙම කියල බැරි මරගාතේ IT කරන්න එපා. වෙන කැමති විෂයක් කරල 12 වසරෙදි GIT වලින් අවශ්‍ය දැනුම හදා ගන්න පුළුවන්.
(වැඩි විස්තර ඕනි නම් මාව සම්බන්ධ කර ගන්න)

දැන් කතා කරමු හර විෂයයන්, නැත්නම් අනිවාර්යය විෂයයන් ගැන,
ඒ විෂයයන් වලින් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වගේ විෂයන් වලට වැඩි බර දාන්න පුළුවන් තරම් A එකටම යන්න බලන්න  (ඔක්කොටම A ගන්න පුළුවන් නම් ගනිල්ලා මං කිවුවේ එහෙම ඕනි නෑ කියල හිතන සෙට් එකට) ඉංග්‍රිසි නම් ෆේල් කර ගන්න එපා පුතෝ උසස් පෙළ කරල කැම්පස් යනකොට අහන්නේ උසස් පෙළ ඉංග්‍රිසී රිසල්ට් එක නෙමෙයි සාමාන්‍ය පෙළ එක. (බය වෙන්න එපා ෆෙල් උනොත් දෙවනි පාර ලියල ගොඩ දැම්මත් හරි)

දැන් කතා කරමු සා/පෙළ ආදරය ගැන,
ඒක ගැන කියනකොට මෙහෙමයි පාසල් ප්‍රේමය වරදක් විදිහට මම නම් දකින්නේ නෑ, ඔය අපිට ඉස්කෝලෙදි ප්‍රේමය ගැන අපි නම් ඕව කරේ නෑ කියන කවුරුත් ඉස්කෝලේ යන කාලෙදි කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිතක් පහළ නොවුන අය නෑ. (අපි හැමෝම මිනිස්සුනේ) :) 
නමුත් සාමාන්‍ය පෙළ කාලේ පටන් ගන්න ප්‍රේම සම්බන්ධයක් සාරථක වෙලා විවාහ වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඇත්තෙම නැති තරම්. (අපිත් O/L කාලේ මේවා කියවනකොට හිතුවෙනම් අපි කොහොම හරි කරනවා කියල නමුත් ඒක ගොඩක් අමාරුයි. මොකක් හරි හේතුවක් එනවා) මම නෙමෙයි නන්දා මාළනිත් ඔය ගැන සිංදුවක් කියනවා

නමුත් සාමාන්‍ය පෙළ කරන කාලෙදි ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න එක නොකර ඉන්න තරමට තමයි ගොඩක් හොඳ, නමුත් ඔබ දැනටමත් ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන නම් එ්ක එකපාරටම නවත්තන්න යන්න එපා මොකද එතකොට ඇතිවෙන සිත් තැවුල් දුර දිග යන්න පුළුවන්. නමුත් ඔබ මුල් තැන දෙන්න ඕනි අධ්‍යාපනයට නැතුව දෙන්න එක්ක ඇවිදින්න ගත්තොත් නම් ඉතිං සදා අනාතයි සාමාන්‍ය පෙළත් ඉවරයි උසස් පෙළ ඉවරෙටම ඉවරයි. අම්මල තාත්තලගෙ අහිංසක බලාපොරොත්තුත් ඉවරයි (පටන් ගන්න හිතන් ඉන්න සෙට් එක කොහොම හරි මේ අවුරුදු 2 ඉවසල O/L ලියල නම් ඇහුවත් කමක් නෑ. මොකද එතකොට යමක් කමක් තේරෙන ලොකු ළමයි නේ) මොකද සාමාන්‍ය පෙළ කරන ඔයාලට ඔයාල ලොකුයි කියල දැනුනට අවට සමාජයට අවුරුදු 16 17ක් වෙන පොඩි ළමයි ඔයාල තාම.
අද පාසල් ප්‍රේමය එදා තරම් සුන්දර නම් නෑ කොහොමත්

(උසස් පෙළ ආදරය ගැන වෙනම ලිපියක් දාන්නම් වෙලා තියෙන හැටියට)

හරි දැන් බලමු විභාගයට මුහුණ දෙන හැටි ගැන,

මුලින්ම කියන්න ඕනි විභාගයට බය වෙන්න එපා. රටේම තියෙන පංති වලට ගිහින් වැලමිටට විතර වෙනකන් පිරිත් නූල් බැඳල බෙල්ලේ සුර 10ක් විතර දාගෙන විභාගෙට යන්න එපා.
අමතර පංති යන්න අමාරු විෂයයන්ට ඒකෙ වැරද්ක් නෑ ඒත් පංති 10ක් 15 බදා ගන්න එපා ඔයාල වෙහෙසෙන එක විතරයි ප්‍රතිඵලයක් නෑ.
ආගම දහම ගැන විශ්වාසය තියන්න විභාගෙට කලින් අතේ පිරිත් නූලක් බැඳ ගන්න පංසලට ගිහින් බෝධි පූජාවක් තියන්න දෙවියන්ට භාරයක් වෙන්න ඒක හොඳයි. ඒත් ඕනිවට වඩා එපා. දේවාල 10ට විතර ගිහින් අත පුරා නූල් බැඳගෙන යන්න එපා.

හොඳට පාඩම් කරගන්න ඒකට තමන්ට ආවේනික ක්‍රමය හොයා ගන්න, සමහරුන්ට අහන් ඉන්න එක මතකයි, සමහරුන්ට පාඩම් කරපුව මතකයි, ලියපු එක මතකයි ඔය වගේ ඔයාගේ උපතෙන් ගෙනාපු ක්‍රමය හොයා ගන්න.

වැදගත්ම දේ තමයි පැරණි ප්‍රශ්ණ පත්‍ර කරන එක. ඒක තමයි දැනට තියෙන සාර්ථකම ක්‍රමය. හිතන්න ඔයා ඉතිහාසය MCQ පේපර් 10ක් කලා කියල ඔයා දන්නෙම නැතුව MCQ 400ක් කරල. ඉතිං ඔයාට එන 40ත් ඔය 400 ඇතුලෙ හැංගිලා තියෙනවාමයි. පාස් පේපර් කරන ක්‍රමය අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. ප්‍රතිඵල සහතිකයි. (ඔය සිලබස් මාරු කලා කියල පාස් පේපර් කරන එකේ වරදක් නෑ මොකට ලංකාවේ සිලබස් මාරු කරන්නේ පිටු විතරයි අනික සිලබස් මාරු කලා කියල බුද්ධාගම වෙනස් වෙනවද, ඉතිහාසයේ දුටුගැණුමුණු රජතුමා එලාර වෙනවද. ගණිතයේ ගුණ කිරීම බෙදීම වෙනවද පයිතගරස් ආකිමිඩිස් වෙනවද නෑ නෙ. පිටු විතරයි විෂය නෙමෙයි. 
බය නැතුව පොත් අරගෙන අවුරුදු 10ක විතර පාස් පේපර් කරල යන්න.

විභාගය හා කොපි කිරීම

ඔව් ඇත්තටම කිවුවොත් කොපි කරන්න පුළුවන් ඒත් බෑ. මොකක්ද යකෝ ඒ කිවුවේ නේද? :) කොපි කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ තමන් වැටෙන හොල් එක. තමන්ට වැටෙන ගුරුවරයා වගේ ගොඩක් සාධක මත. ඒ නිසා කවදාවත් කොපි කරන්න බලාගෙන විභාගෙට යන්න එපා. ඒත් අවස්ථාවක් ලැබුනොත් උද්ව්වක් ගත්තට යාළුවෙකුට උදව්වක් කලාට වරදක් නෑ. ඉතිං පිං සිද්ධ වෙනවනේ යාළුවෙක් ගොඩ දැම්මොත්.

මගෙ රිසල්ට් ගැන කියනවනම් ඉතිං English හා ඉතිහාසය B නාට්‍ය හා රංග කලාව C ඉතිරි සියල්ල A. 

මම නම් ඉතිං පාඩම් කලේම නැති තරම්. මොකද මට වැඩිපුර මතක හිටින්නේ අහන් හිටපු දේවල්. මම නම් ඉතිං ඉස්කෝලෙ බාහිර වැඩත් කලා I.C.T  society එකේ සභාපති විදිහටත් වැඩ කලා 
INTEC SIVALI 2012 ඉස්කොලේ පළවෙනි IT  day එකත් කලා ඒ 11  වසරෙදි මැයි මාසේ 24. ඉතිං 11 වසරෙ පටන් ගත්ත දවසෙ ඉඳල ඕක බදාගෙනම කලා මිසක් පීරියටඩ් 10ට වඩා පංතියෙ ඉඳලා නෑ මැයි 24 වෙනකන්. 
මම නම් ඉතිං කිවුවා වගේම පේපර් කිරීමෙන් තමයි ගොඩ ගියේ.

ඉතිං මගෙ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක හැටියට මේක කාටම හරි ප්‍රයෝජනයක් උනා නම් ඒක තමයි මගේ සතුට. වැරදි අඩු පාඩු යටින් කියල යන්න. හදා ගන්න. මගහැරුන දේවල් ඇති කියල යන්න.

එහෙනම් ජයෙන් ජය වේවා!
තෙරුවන් සරණයි!

 
Blogger Templates